නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත භාවිත කළ අවස්ථාවන් හා එතුමා වමත භාවිත කළ අවස්ථාවන් පිළිබඳ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් විස්තර කළාය. වැසිකිලි කැසිකිලි අවශ්යතා සපුරා ගැනීමෙන් පසු ජලය හෝ ගල් භාවිතයෙන් පිරිසිදු කිරීම, නාසය පිරිසිදු කිරීම හා ඒ හා සමාන සියලු අපිරිසිදු දෑ ඉවත් කිරීම සඳහා එතුමා වමත භාවිත කළ බවත් ඒ හැර වෙනත් දෑ සඳහා එතුමා දකුණතට ප්රමුඛත්වය ලබා දුන් බවත් විස්තර කළාය. එය, එයට ගරු කිරීමක් වශයෙනි. දකුණත වමතට වඩා උතුම්ය.උතුම් කටයුතුවලදී දකුණතට ප්රමුඛත්වය දීම වඩාත් සතුටුදායක බව මෙම හදීසය පෙන්වා දෙයි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත පිරිසිදු කිරීම, අනුභව කිරීම වැනි දෑ සඳහා භාවිත කළ බවත් තම වමත කැසිකිලි වැසිකිලි අවශ්යතාවන්ගෙන් පසු පිරිසිදු කිරීම සඳහාත් ඒ හැර අපවිත්ර දෑ පිරිසිදු කිරීම සඳහාත් භාවිත කර ඇති බව එතුමිය පවසා සිටියාය. 'පිරිසිදු කිරීම' යන ඇයගේ ප්රකාශය වනාහි, පිරිසිදු කරන විට දකුණතින් ආරම්භ කිරීමයි. එනම්, වමත සේදීමට පෙර දකුණත සේදීමයි. වම් කකුල සේදීමට පෙර දකුණු කකුල සේදීමයි. කන් දෙක වනාහි එය එකම අවයවයක් ලෙස සැළකේ. හේතුව ඒ දෙක හිස නම් අවයවය තුළ ඇති බැවිනි. එහෙයින් ඒ දෙක එකවර ජලයෙන් පිරිමැදිය යුතු වේ. එසේ අත් දෙක එකවර භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී එක් අතක් පමණක් භාවිත කරමින් සොදන්නට වී නම් එවිට එම කාරණාව මුල් කර ගෙන දකුණු කන සේදීය යුතුය. 'එතුමාගේ වමත වැසිකිලි කැසිකිලි අවශ්යතා සපුරා ගැනීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා භාවිත විය' යන ප්රකාශය වනාහි, නජීස් දෑ ඉවත් කිරීම එය ජලයෙන් හෝ ගලින් පිරිසිදු කිරීම යන්නය. 'ඒ හැර වෙනත් අපවිත්ර දෑ' යනු සෙම කැට, හොටු හිස්හොරි වැනි දෑ ඉවත් කිරීමය. ගරු කටයුතුවලදී දකුණතින් ආරම්භ කිරීමේ වැදගත් කම හා ජලයෙන් හෝ ගලින් පිරිසිදු කිරීම වැනි අපවිත්ර දෑ ඉවත් කිරීමේදී වමතට ප්රමුඛත්වය දීම යන කරුණු සම්බන්ධයෙන් හෆ්සා -රළියල්ලාහු අන්හා- තුමිය වාර්තා කළ හදීසය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ හදීසය තහවුරු කරන්නක් ලෙස පිහිටා ඇත.