නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කිසිදු ආහාරයක් නොගෙන අඛණ්ඩව එක දිගට රාත්රි ගණනාවක් නින්දට වැටෙන්නෙකු වූහ. එතුමාගේ බිරියන් මෙන්ම පවුලේ උදවිය ද එලෙස නින්දට වැටුනහ. ඊට හේතුව ඔවුන් රාත්රී ආහාර නොලැබූ හේතුවෙනි. බොහෝ විට ඔවුන්ගේ රොටි බාර්ලිවලින් විය. එය තිරිඟු හා වෙනත් ධාන්යවලට වඩා මිලෙන් අඩු විය.