හදීසයේ තේරුම: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හු තුමා අසළින් ගමන් ගත්හ. එවිට ඔහු ගරා වැටුණු තම නිවස ප්රතිසංස්කරණය කරමින්, එසේ නැතිනම් ශක්තිමත්ව ඉදි කරමින් සිටියහ. අබූ දාවූද් හි වාර්තාවක, “මා සතු බැම්මකට මැටි ගල්වමින් සිටියෙමි.“ එවිට එතුමා “මීටත් වඩා ඉක්මණින් මරණය සිදුවනු මම දකිනු මිස නැත.“ එනම් සැබැවින්ම ලී කොට භාවිතයෙන් ඔබේ නිවස ප්රතිසංස්කරණය කිරීමට මත්තෙන් ඊටත් වඩා සමීපයෙන් මරණය ඇත. ඇතැම් විට ඔබ මරණයට පත්වීමට පෙරාතුවම මෙය ගරා වැටෙන්නට පුළුවන. ඇතැම් විට මෙය ගරා වැටෙන්නට පෙරම ඔබ මරණයට පත්වන්නට පුළුවන. එහෙයින් ඔබේ නිවස ප්රතිසංස්කරණය කිරීමට වඩා ඔබේ මතුලොව ක්රියාවන් විධිමත් කර ගැනීම වඩාත් උචිතය. මෙහි මතුපිටින් පෙනෙනුයේ,සැබැවින්ම ඔහුගේ එම ගොඩනැගිල්ල ප්රතිසංස්කරණය කිරීමේ අවශ්යතාවක් නොතිබිණි, නමුත් එය ශක්තිමත් කිරීම හෝ තිබූ තත්ත්වයට වඩා අලංකාර කිරීමක් වූ බවය. එහෙයින් මෙලොව අවශ්ය නොමැති දෙයක නිරතවීමට වඩා මතුලොව කරුණු සඳහා නිරත වීම වඩාත් වැදගත් බව ඔහුට එතුමා පැහැදිලි කර සිටියහ.