සඃද් ඉබ්නු හිෂාම් ඉබ්නු ආමිර් තුමා ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය වෙත ගිය කල්හි මෙසේ විමසා සිටියේය. දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණියනි! අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගතිගුණ ගැන මට දන්වා සිටින්න යැයි විමසා සිටියෙමි. එතුමිය: "ඔබ අල් කුර්ආනය කියවා නැද්දැ?"යි විමසා සිටියාය. මම එසේය යැයි පිළිතුරු දුනිමි. එවිට එතුමිය: “අල්ලාහ්ගේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ චරිතය අල් කුර්ආනය ය” යැයි පැවසුවාය. صحيح - رواه مسلم في جملة حديثٍ طويلٍ
explain-icon

විවරණය

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගතිගුණ පිළිබඳ විමසා සිටින ලදී. එවිට එතුමිය පුළුල් අර්ථයක් ඇති කෙටි වදනකින් පිළිතුරු දුන්නාය. තවද ප්‍රශ්න කරන්නාව පරිපූර්ණත්වයේ සියලු ගුණාංග ඇතුළත් උතුම් අල් කුර්ආනය වෙත යොමු කළාය. පසුව අල් කුර්ආනයේ ගතිගුණවලින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හැඩගැසී සිටි බව පවසා සිටියාය. එතුමාණන‍් කවර කරුණක් අණ කරනු ලැබුවේ ද එය එතුමාණෝ ක්‍රියාත්මක කළහ. කවර කරුණක් අල් කුර්ආනය වළක්වා ඇත්තේ ද එයින් වැළකී සිටියහ. එතුමාණන්ගේ ගුණාංගය වූයේ එය ක්‍රියාවට නංවා, එහි සීමාවන් ඉදිරියේ නැවතී, එහි ඇති විනයමාලාවට අනුව හැඩ ගැසී, එහි උපමාවන් හා කතාන්දර තුළින් පාඩම් ලැබීමය.

explain-icon

හදීසයේ හරය

  • අල් කුර්ආනයේ සදාචාරය ඔහු තුළ ඇති කිරීම සඳහා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට දිරි ගැන්වීම.
  • අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගතිගුණ අගය කිරීම. සැබැවින්ම එය දිව්‍ය පණිවිඩයේ පහනකි.
  • අල් කුර්ආනය සියලුම ගෞරවණීය ගති ගුණ සඳහා මූලාශ්‍රයකි.
  • ඉස්ලාමයේ ආචාර ධර්ම වලට සමස්ත දහමම ඇතුළත් වනුයේ නියෝග පිළිපැදීමෙන් සහ තහනම් දැයින් වැළකී සිටීමෙනි.