දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගතිගුණ පිළිබඳ විමසා සිටින ලදී. එවිට එතුමිය පුළුල් අර්ථයක් ඇති කෙටි වදනකින් පිළිතුරු දුන්නාය. තවද ප්‍රශ්න කරන්නාව පරිපූර්ණත්වයේ සියලු ගුණාංග ඇතුළත් උතුම් අල් කුර්ආනය වෙත යොමු කළාය. පසුව අල් කුර්ආනයේ ගතිගුණවලින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හැඩගැසී සිටි බව පවසා සිටියාය. එතුමාණන‍් කවර කරුණක් අණ කරනු ලැබුවේ ද එය එතුමාණෝ ක්‍රියාත්මක කළහ. කවර කරුණක් අල් කුර්ආනය වළක්වා ඇත්තේ ද එයින් වැළකී සිටියහ. එතුමාණන්ගේ ගුණාංගය වූයේ එය ක්‍රියාවට නංවා, එහි සීමාවන් ඉදිරියේ නැවතී, එහි ඇති විනයමාලාවට අනුව හැඩ ගැසී, එහි උපමාවන් හා කතාන්දර තුළින් පාඩම් ලැබීමය.