උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කරයි: මස්ජිද් අන්-නබිවියේ සිට තම නිවස වඩාත් දුරින් පිහිටා ඇති අන්සාරි මිනිසෙකු විය. ඔහුට කිසිදු සලාතයක් මග හැරුණේ නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සෑම සලාතයකටම සහාභාගී විය. එවිට ඔහුට මෙසේ පවසන ලදී: "රාත්‍රී අන්ධකාරයේත්, දහවල් උෂ්ණ වැල්ලේත් නැග ගමන් කරන්නට හැකි බූරුවකු මිලට ගත්තේ නම් මැනව“ ඔහු මෙසේ පවසා සිටියේය: “මාගේ නිවස මස්ජිදය අසළින් පිහිටා තිබීම මට සතුට ගෙන දෙන්නක් නොවෙයි. මම මස්ජිදයේ ඉටු කරනු ලබන සලාතය වෙත ගමන් කරන විටත් මාගේ පවුල වෙත නැවත මා හැරී එන විටත් අල්ලාහ් සටහන් කිරීම මම ප්‍රිය කරමි.“ ඔහුගේ මෙම කතාව නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කණට වැකුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “අල්ලාහ් ඒ සියල්ල ඔබට රැස්කර දෙනු ඇත.“