ආඉෂා -රළියල්ලාහු අන්හු- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((ඔබ අතුරින් කිසිවකු සලාතය ඉටු කරමින් සිටිය දී ඔහුට අඩ නින්ද ඇති වූ විට ඔහුගෙන් නින්ද පහව යන තෙක් නිදාගනිත්වා. හේතුව ඔහු නිදි මරමින් සලාතය ඉටු කළ විට ඔහු යන්නේ සමාව අයැද සිටීමටය .එනමුත් පසුව ඔහු තමන්ටම බැණ වදිනු ඇත.)) පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

මෙම හදීසයේ තේමාව තම ආත්මය නැමදුම්වල නිරත කිරීමේදී එයට බරක් දීම පිළිකුල් සහගතය යන්නයි. තමන් සලාතයේ නිරත වෙමින් සිටියදී තමන්ට නින්ද හට ගන්නා බව හැඟී ගිය විට තමන් සලාතයෙන් ඉවත් විය යුතුයි. එසේ නැතිනම් සලාතය සම්පූර්ණ කොට පසුව නින්දට යා යුතුයි. තමන් වෙහෙසව සිටියදී තමන්ට එරෙහිව ප්රාර්ථනා කර නොගන්නා තරමට විවේක ගත යුතුය.