සැබැවින්ම ඉස්ලාම් දහම එහි සියලුම කටයුතුවල දී පහසුව හා සරලත්වය මත ගොඩ නැගී ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. අවශ්‍යතාව හා නොහැකියාව යන හේතූන් මතු වන විට පහසුව සහතික වනු ඇත. ආගමික ක්‍රියාවන් තුළ ගිලී ගොස් පහසුව අත්හැර දැමීමෙහි අවසානය වනුයේ එය කිරීමට නොහැකි වීම හා මුලු ක්‍රියාවම හෝ කොටසක් හෝ කිරීමට අපොහොසත් වීම ය. අතිශයෝක්තියෙන් තොරව මධ්‍යස්ථව කටයුතු කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරි ගැන්වූහ. කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එහි ගැත්තා අඩුපාඩු නොකළ යුතු අතරම තමන්ට හැකියාවක් නොමැති දෑ දැරිය නො යුතුය. ක්‍රියාවක් සම්පූර්ණයෙන් කිරීමට අපොහොසත් වූයේ නම්, ඊට සමීප දෑ ඉටු කළ යුතු ය. අඛණ්ඩව සිදු කරන ක්‍රියාවන්, එය පූර්ණව කිරීමට අපොහොසත් වූව ද එය ස්වල්පයක් හෝ කළේ නම්, ඒ සඳහා අදාළ තැනැත්තන් හට අතිමහත් කුසල් හිමි වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ශුභාරංචි දන්වා ඇත. සැබැවින්ම යමක් කළ නොහැකි වූ විටෙක ඒහි අපොහොසත්කම ඔහුගේ කුසල් අහිමි කරන්නේ නැත. සැබැවින්ම මෙලොව ගමනකි. මතුලොව වෙත යා යුතුව ඇත. එබැවින් දිරිමත් අවස්ථාවන් තුනක නැමදුම් ඉටු කරමින් අඛණ්ඩ ව එහි පිහිටීම සඳහා උපකාර ඉල්ලා සිටින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. පළමුවැන්න: අලුයම් කාලය: දවස ආරම්භය ගෙවී යාමත් සමග. එනම් ෆජ්ර් සලාතය හා හිරු උදාව අතර පවතින කාලයයි. දෙවැන්න: දහවල් කාලයේ අවදිය: මධ්‍යහ්න කාලය ගෙවී යාමත් සමග. තුන්වැන්න: සවස් කාලය, රාත්‍රියෙන් කොටසක් හෝ මුළුමණින්ම හෝ ගෙවී යාමත් සමගය. සැබැවින්ම රාත්‍රියේ නැමදුම් කිරීම දහවල් කාලයේ නැමදුම් කිරීමට වඩා අසීරුය. එබැවින් රාත්‍රියෙන් කොටසක් යන ප්‍රකාශය තුළින් එහි කොටසක පමණක් නිරත වීමට නියෝග කරනු ලැබ ඇත.