කීර්තිමත් සහාබිවරයකු වන අබ්දුල්ලාහ් ඉබ්නු හුඃබෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා පවසයි. ඔවුන් අධික වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සොයමින් පිටත්ව ගියෝය. එය එතුමාණන් ඔවුනට සලාතය මෙහෙය වීම පිණිසය. එවිට ඔවුහු එතුමාණන්ව මුණ ගැසුණෝය. එවිට එතුමාණෝ 'පවසනු' එනම් 'කියවනු' යැයි ඔහුට පැවසූහ. නමුත් ඔහු කිසිවක් කියෙව්වේ නැත. එම ප්‍රකාශයම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට නැවත නැවතත් පවසා සිටියහ. එවිට අබ්දුල්ලාහ්: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කියවිය යුත්තේ කුමක් දැ?'යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උදෑසන කාලයේ හා සවස් කාලයේ ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (කුල් අඌදු බිරබ්බිල් ෆලක් සහ කුල් අඌදු බිරබ්බින් නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. එය සියලු උවදුරුවලින් ඔබව ආරක්ෂා කරනු ඇත. සියලු නපුරුකම්වලින් ඔබව මුදවනු ඇත.' යැයි පැවසුහ.