නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උදෑසන කාලය එළැඹුණු විට, එනම් අලුයම උදාවත් සමග දහවල් කාලයේ ආරම්භ වේලාව ළඟා වූ විට මෙම ප්‍රාර්ථනාව ප්‍රකාශ කර සිටියහ. اللهُمَّ بِكَ أَصْبَحْنَا (අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු.) ඔබේ ආරක්ෂාවෙහි ගැලී, ඔබේ කරුණාවෙහි ගිලී, ඔබව මෙනෙහි කිරීමෙහි නියැලී, ඔබේ නාමයෙන් උපකාර පතා, ඔබේ ආශිර්වාදයෙන් ආවරණය වී, ඔබේ බලය සහ ශක්තියෙන් ක්‍රියාත්මක වී උදෑසන එළැඹුනෙමු. وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ (ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු.) මෙය පෙර සඳහන් වදන් මාලාවට සමානය. ඒ සමග සවස් කාලය යන ප්‍රකාශය යොදා ගත යුතුය. එනම්, ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ජීවය ලබා දෙන ඔබේ නාමයෙන් ජීවත් වන්නෙමු. මරණයට පත් කරන ඔබේ නාමයෙන් අපි මරණයට පත් වෙමු. وَإِلَيْكَ النُّشُورُ (නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය.) මරණයට පත් වූ පසු යළි අවදිවීම, එක්රැස් කළ පසු වෙන් කිරීම ඇත්තේ ඔබ වෙතය. අපගේ තත්ත්වය සෑම වේලාවකදීම සහ අනෙකුත් සෑම අවස්ථාවකදීම එලෙසම පවතින අතර, මම කිසි විටෙකත් එයින් කැඩී නොයන්නෙමි, එය අත් නොහරින්නෙමි. අසර් වේලාවෙන් පසුව සවස් කාලයට එළැඹුණු විට මෙසේ පැවසූහ. اللَّهُمَّ بِكَ أَمْسَيْنَا، وبكَ أصبحنا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ المَصِيْر (අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වන්නෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.) මෙලොවට නැවත පැමිණීම හා මතුලොවට නැවත හැරී යාම ඇත්තේ ඔබ වෙතය. එනම් මා නැවත අවදි කරන්නේ ඔබ ය. මා මරණයට පත් කරන්නේ ද ඔබය.