ෆජ්ර් උදාවීමෙන් පසු සෑම උදෑසනකම හා හිරු අවරට යෑමට පෙර සෑම සවස් කාලයකම කවරෙකු මෙම ප්‍රාර්ථනාව තුන්වරක් පවසා සිටින්නේ ද ඔහු ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විස්තර කළහ. එනම් بِسْمِ اللَّهِ (අල්ලාහ්ගේ නාමයෙන්) හානිදායක සෑම දෙයකින්ම මම ආරක්ෂාව පතා උදව් පතමි. الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ (ඔහුගේ නාමය සමග කිසිදු අනතුරක් ඇති නොවන්නේය) එනම් ඔහුගේ නාමය සිහිපත් කිරීමත් සමග فِي الْأَرْضِ (මහපොළොවේ) එය මතුපිට ඇති වන දැයින් කිසිදු අනතුරක් ඇති නොවන අතර وَلَا فِي السَّمَاءِ (අහසෙහි) එයින් පහළ වන දැයින් කිසිදු අනතුරුක් ඇති නොවනු ඇත. وَهُوَ السَّمِيعُ අප පවසන ප්‍රකාශ පිළිබඳ (ඔහු සර්ව ශ්‍රාවකය.) الْعَلِيمُ අපගේ තත්ත්වයන් පිළිබඳ (ඔහු සර්වඥානීය.) සවස් කාලය වන විට කවරෙකු මෙය පවසා සිටියේද උදෑසන එළැඹෙන තෙක් හදිසි අනතුරු කිසිවක් ඔහුට සිදුවන්නේ නැත. උදේ කාලය වන විට කවරෙකු මෙය පවසා සිටියේ ද සවස් කාලය එළැඹෙන තෙක් ඔහුට හදිසි අනතුරු කිසිවක් ඔහුට සිදු වන්නේ නැත. මෙම හදීසය වාර්තා කළ අබාන් ඉබ්නු උස්මාන් තුමා ට අල්-ෆාලිජ් නැමැති රෝගයක් හට ගැණින. එය(අංශභාගය වැනි) ශරීරයේ එක් කොටසක් අඩපණ වීමය. අබාන්ගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස විමතියෙන් බලන්නට විය. එවිට හෙතෙම එම පුද්ගලයාට: ඔබ මා දෙස බලනුයේ ඇයි? අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොපැවසුවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මත බොරුවක් පවසාද නැත. නමුත් අද දින මා වෙත වැළදී ඇත්තේ මා පවසන්නට අල්ලාහ් නියම කළ දෑය. කෝපය මට ඇති විය. එබැවින් සඳහන් කළ මෙම වදන් පෙළ පවසන්නට මම අමතක කර දැමුවෙමි.