අහංකාරයෙන් හා පුරසාරම් දොඩමින් තමන් කළ පාපය ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර, පාපකම් කරන මුස්ලිම්වරයකුට අල්ලාහ්ගේ සමාව හා පාපක්ෂමාව අපේක්ෂා කළ හැකි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. රාත්‍රියේ යම් ක්‍රියාවක් සිදු කර පසුව උදෑසන අවදි වී පෙර දින කළ පුද්ගල පාපය තවත් කෙනෙකු සමග කතා කරමින් එසේ ප්‍රසිද්ධියට පත්කරන්නාට සමාව සුදුසු වන්නේ නැත. සැබැවින්ම ඔහුගේ පරමාධිපතියාණන් එය වසන් කර තිබුණි. නමුත් ඔහු වසන් කළ දෑ උදෑසන හෙළි කළේය.