කරුණු හතරක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඒවා මුස්ලිම්වරයකු තුළ එකතු වී තිබූ විටෙක එම කරුණ හේතුවෙන් ඔහු කුහකයින්ට දැඩි සේ සමාන වනු ඇත. මෙහි පවසා ඇත්තේ එම කරුණු අබිබවා ගිය අය සම්බන්ධයෙනි. නමුත් මේ ගුණාංග දුර්ලබ කෙනෙකු නම් ඔහු ඒ තුළට නොවැටෙනු ඇත. එනම්: පළමුවැන්නා: ඔහු කතා කළ විට වුවමනාවෙන්ම බොරු කියයි. ඔහුගේ කතාව තුළ සත්‍යයක් දකින්නට නොලැබේ. දෙවැන්නා: යම් ගිවිසුමක් ගිවිස ගත් විටෙක, එය සම්පූර්ණ නොකරයි. අදාළ තැනැත්තාට වංචා කරයි. තුන්වැන්නා: යම් පොරොන්දුවක් දුන් විටෙක එය ඉටු නොකර, ඒ තැනැත්තා එය කඩ කරයි. සිව්වැන්නා: යමෙක් සමග ඔහු වාද විවාද කළ විට ඔහුගේ තර්කය කෲර වේ. සත්‍යයෙන් වෙනතකට නැඹුරු වෙයි. එය ප්‍රතික්ෂේප කිරීමට හා නිෂ්ඵල කිරීමට පෙළඹේ. බොරුව හා ව්‍යාජ දෑ පවසයි. සැබැවින්ම කුහකත්වය යනු අභ්‍යන්තරයේ ඇති දෑට පටහැනි යමක් ප්‍රදර්ශනය කිරීමකි. මෙම ගුණාංග ඇති උදවිය තුළ මෙම අර්ථය දක්නට ලැබේ. ඔහුගේ කුහකත්වය මිනිසුන් අතරින් ඔහු කවර අයකු සමග කතා කළේ ද, ඔහු කවර අයකුට පොරොන්දු දුන්නේ ද, කවර අයකු විසින් ඔහුව විශ්වාස කළේ ද කවර අයකු සමග ඔහු තර්ක කළේ ද කවර අයකු සමග ගිවිසුම්වලට එළැඹුනේ ද එවැන්නාගේ අයිිතිය තුළ පවතින්නකි. ඉස්ලාමය තුළ මුනාෆික් (කුහකයා) යනු අභ්‍යන්තරයේ දේව ප්‍රතික්ෂේප සඟවාගෙන මතුපිටින් ඉස්ලාමය ප්‍රදර්ශනය කරන්නාය. මෙම කරුණු අතරින් යම් කරුණක් කවරෙකු තුළ හෝ වී නම් ඔහු එය අත්හැර දමන තෙක් ඔහු තුළ කුහකත්වයේ ලක්ෂණයක් වන්නේමය.