කුඩා පාපයන් සිදු කිරීම සම්බන්ධව නොසැළකිලමත්කම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කළහ. එය වැඩි වී යයි. එවිට ඒ සියල්ලෙහි එකතුවෙන් ඔහුව විනාශ කර දමයි. ඒ සඳහා උපමාවක් ලෙස මිටියාවතක් මධ්‍යයේ ගොඩ බැස්ස පිරිසක් සඳහන් කළහ. ඔවුන් අතරින් සෑම කෙනෙකුම කුඩා කොටුවක් සමග පැමිණෙයි. අවසානයේ රැස් කරනු ලැබූ කෝටු එකතුවෙන් ඔවුහු ඔවුන්ගේ රොටි පිස ගනිති. සැබැවින්ම සුළු පාපයන් වනාහි, අදාළ තැනැත්තා ඒවා සිදු කර ඒ සඳහා පාපක්ෂමාවෙහි නිරත නොවූ යේ නම් හෝ අල්ලාහ් ඒ ගැන ඔහුට සමාව නොදුන්නේ නම්, ඒවා ඔහුව විනාශ කර දමනු ඇත.