අබූ කතාදා අන්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා තමාගෙන් සැඟවී සිටි ණය කාරයකු පිළිබඳ සොයමින් පසුවූහ. එක් විටෙක ඔහු හමු විය. එවිට එම ණයකරුවා, "සැබැවින්ම මම ආර්ථික අපහසුතාවෙන් සිටින අයෙකි. ඔබේ ණය ගෙවන තරමට මා සතුව මුදල් නැත" යැයි පවසා සිටියේය. එවිට තමන් ළඟ මුදල් නොමැති බවට අල්ලාහ් ඉදිරියේ දිවුරා සිටින මෙන් අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා ඔහුගෙන් ඉල්ලා සිටියේය. පසුව ඔහු පවසන දෑහි ඔහු සත්‍යවාදියකු බව අල්ලාහ් මත ඔහු දිවුරා සිටියේය. එවිට අබූ කතාදා තුමා, "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන්දී ඇත්තෙමි" යැයි පවසා මෙසේ පවසා සිටියහ. යමෙක් විසින් කවරෙකු සතුටට පත් කළේ ද, ප්‍රීතියට ලක් කළේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්‍යසනයන්, බැරෑරුම්, භයානක සිදුවීම්වලින් අල්ලාහ් ඔහුව ආරක්ෂා කරනු ඇත. එබැවින් ආර්ථික අපහසුකම් ඇති උදවියගෙන් ණය ඉල්ලා සිටීම ප්‍රමාද කිරීමෙන් හා එයට කල් දීමෙන්, එසේ නැතහොත් ණයෙන් කොටසක් හෝ මුළු ණය ප්‍රමාණයම හෝ මුදවා හැරීමෙන් ඔහුට සහනයක් ලබා දෙත්වා.