අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සදකා හෙවත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි. සමාව දීම තුළින් අල්ලාහ් ගැත්තාට ගෞරවය මිස වෙනකක් වැඩි කරන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද, කීර්තිමත් අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

සැබැවින්ම සදකාව ධනය අඩු කරන්නේ නැත. එය ඇතිවන විපත්ති වළක්වාලයි. ඒ වෙනුවට අදාළ තැනැත්තාට ශ්‍රේෂ්ඨ මහඟු ප්‍රතිඵල අල්ලාහ් පිරිනමයි. එය වැඩියෙන් මිස අඩුවෙන් නොවනු ඇත. පළිගැනීමට හෝ අදාල පුද්ගලයාට දඬුවම් කිරීමට හැකියාව තිබියදීත් සමාව දීම ශක්තිය හා ගෞරවය වැඩි කරනු මිස නැත. කිසිවකුට බිය නිසාවෙන් හෝ ඔහුට කරන බලපෑමක් නිසාවෙන් හෝ යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කරන නිසාවෙන් හෝ නොව අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පමණක් කිසිවකු නිහතමානී වීම හා පහත් වීම ඔහුගේ ප්‍රතිඵල උසස් හා ගෞරවණීය වනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • ඇතැම් ජනයා ඊට විරුද්ධව සිතුව ද, ජයග්‍රහණය හා යහපත ඇත්තේ ෂරීආ පිළිවෙත පිළිපැදීමෙහි හා යහපත සිදු කිරීමෙහිය.
explain-icon

අමතර