වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාව වන උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ මෙනෙහි කරන ලදී: කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී අල්ලාහ් ඔහුට ප්‍රිය කරන දෑ ඔහු පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) "අල්ලාහුම්ම අඃජුර්නී" මාගේ ඉවසීමට මට ප්‍රතිඵල පිරිනමනු මැනව. "ෆී මුසීබතී" මට අත්ව ඇති විපතට ප්‍රතිකර්මයක් කරනු මැනව "වඅඃක්ලිෆ් ලී" ඒ වෙනුවට මට පසුවට පිරිනමනු මැනව "කයිරන් මින්හා" ඊට වඩා යහපත් දෑ (යැයි පවසා සිටියේ නම්) එවිට අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෙයක් පසුවට පිරිනමනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "අබූ සල්මා තුමා මිය ගිය කල්හි මම, 'මුස්ලිම්වරුන් අතරින් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙකු දැ?'යි විමසා සිටියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත විතැන්ව ගිය පළමුවැන්නා ඔහු ය. පසුව සැබැවින්ම අල්ලාහ් මට උපකාර කළේය. පසුව මම එය පවසා සිටියෙමි. අල්ලාහ් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ ඔහුගේ දූතයාණන් ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට පසුවට පිරිනැමුවේය."