අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිවසේ මුවා වී රැඳී සිටින කන්‍යාවකට වඩා අධික ලෙස ලැජ්ජා සහගත අයකු වූහ. යම් පිළිකුල් සහගත දෙයක් එතුමාණන් දුටු විට එතුමාණන්ගේ මුහුණෙන් එය අපි හඳුනා ගත්තෙමු." صحيح - متفق عليه
explain-icon

විවරණය

පිරිමි පාර්ශවය ඇසුරු නොකළ, විවාහ නොවී තම නිවසේ රැඳී සිටින කන්‍යා දැරියකට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ ලැජ්ජා සහගත අයකු වූ බව අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇත. එතුමාණන්ගේ දැඩි ලැජ්ජා සහගත භාවය ‌හඳුනා ගත් අවස්ථාවක් වනුයේ, එතුමාණන් යමක් පිළිකුල් කළ විට එතුමාණන්ගේ මුහුණ වෙනස් වෙයි. කතා නොකරයි. එවිට ඒ ගැන එතුමාණන්ගේ පිළිකුල් භාවය එතුමාණන්ගේ මුහුණෙන් එතුමාණන්ගේ අනුගාමිකයින් වටහා ගත්හ.

explain-icon

හදීසයේ හරය

  • මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ ලැජ්ජා සහගතභාවය ගැන විස්තර කිරීමකි. එය උදාර ගතිගුණයකි.
  • නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ලැජ්ජාව අල්ලාහ් තහනම් කළ දෑ උල්ලංඝණය කරන අවස්ථාවන්හි දක්නට නොවීය. එසේ ඒවා උල්ලඃඝනය කරනු ලැබූ විටක එතුමාණන් කෝප වී තම අනුගාමිකයින්ට නියෝග කරමින් ඔවුන් එයින් වැළැක් වූහ.
  • ලැජ්ජාව පුරුද්දක් කර ගැනීම සඳහා උනන්දු කරවීම. සැබැවින්ම එය අලංකාර දෑ කිරීමටත් අප්‍රසන්න දෑ අත්හැර දැමීමටත් හේතුවක් වනු ඇත.
explain-icon

අමතර