අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කිසිවිටෙක මා දැක නැති නිරාවාසීන් අතරින් කණ්ඩායම් දෙකක් වෙති. හරක් වලිග මෙන් කස අතැතිව සිටින පිරිස්, ඔවුන් ඒවායින් ජනයාට පහර දෙති. අනෙක වස්ත්‍රයෙන් ආවරණය කළ ද නිරුවත්, නොමඟ වෙත කැඳවන, නොමග වෙත නැඹුරුව සිටින කාන්තාවෝය. ඔවුන්ගේ හිස් 'බුක්ත්' වර් ගයේ ඔටු මොල්ලි මෙන් පවතී. ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එහි සුවඳ ලබන්නේ ද නැත. සැබැවින්ම එහි සුවඳ මේ මේ තරම් දුරින් ලබනු ඇත.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිවිටෙක දැක නැති, එතුමාණන්ගේ කාලයේ හමු නොවූ, නමුත් එතුමාණන්ගෙන් පසු මතුවට බිහිවන නිරාවාසීන් අතරින් කණ්ඩායම් දෙකක් පිළිබඳ එතුමාණෝ අවවාද කළහ. පළමු කණ්ඩායම: දිගු හරක් වලිග මෙන් කස අතැතිව සිටින පිරිසකි, ඔවුහු ඒවායින් ජනයාට පහර දෙති. ඔවුන් වනාහි මිනිසුන්ට අසාධාරණ ලෙස පහර දෙන නිලධාරීන් සහ පීඩා සිදුකරන නියෝජිතයන් ය. දෙවන කණ්ඩායම: සුපුරුදු පරිදි කාන්තාවකට සහජයෙන්ම ඇති ලැජ්ජාවේ හා නිර්මලකමේ වස්ත්‍රය ඉවත් කළ කාන්තාවන්ය. එතුමාණෝ ඔවුන්ව තවදුරටත් මෙසේ වර්ණනා කළහ: සැබෑ ලෙස ඔවුන් ඇඳුම් ඇඳ තිබුණ ද යථාර්ථයෙන් ඔවුන් නිරුවත්ය. හේතුව ශරීරය විස්තර කරන පරිදි සිනිදු ඇඳුම් ඔවුන් අඳින බැවින් හා ඔවුන්ගේ ශරීරයේ ඇතැම් කොටස් ආවරණය කළ ද ඉන් තවත් කොටසක අලංකාරය ඉස්මතු වන පරිදි නිරාවරණය කරන බැවිනි. ඔවුන්ගේ ඇඳුමින් හා ඔවුන් ඇවිඳින විලාශයෙන් පිරිමි හදවත් ඔවුන් වෙත නැඹුරු කරවන, ඔවුන් වෙත ආකර්ශණය කරවා සෙසු අය ද මුළාව සහ අපගමනය වෙත නැඹුරු කරන කාන්තාවෝය. එවැනි කාන්තාවන්ගේ තවත් ස්වභාවයක් වනුයේ ඔටුවාගේ ඇලවී ඇති මොල්ලිය මෙන් ඔවුන්ගේ හිස් පැවතීමයි. ඒ අනුව ඔවුන් හිසෙහි ප්‍රමාණය වැඩි කර හිස් පටියක් වැනි දෙයක් එතීමෙන් ඒවා විශාල කරති. 'බුක්ත්' වර්ගයේ ඔටු මොල්ලියට එසේ උපමා කළේ ඔවුන්ගේ ගොතන ලද හිසකෙස් ඔවුන්ගේ හිස්වලට වඩා ඉහළින් උසට පිහිටන බැවිනි. එමෙන්ම ඔටුවාගේ මොල්ලිය නැඹුරු වී තිබෙන පරිදි කෙස් අලංකාරය එක් පැත්තකට ඇලවී පවතින බැවිනි. කවුරුන් සතුව මෙම ලක්ෂණ තිබෙන්නේ ද 'ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එහි සුවඳ ලබන්නේ ද නැත. එයට සමීප වන්නේ ද නැත' යන දැඩි අවවාදයට ඔවුන් ලක් වන්නෝය. ස්වර්ගයේ සුවඳ බොහෝ දුරට දැනෙනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • මිනිසුන් සිදු කරන පාපයක හෝ ඔවුන් සිදු කරන වරදක හේතුවෙන් තොරව ඔවුනට පහරදීම හා ඔවුනට පීඩා කිරීම තහනම් වේ.
  • අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධය සදහා සහය දීමේ තහනම.
  • කාන්තාවන්, තම රහස්‍ය කොටස් පෙන්වන හෝ ඒවා හෙළි කරන තද හෝ විනිවිද පෙනෙන ඇඳුම් ඇඳීම ගැන හා තම අලංකාරය ප්‍රදර්ශනය කරමින් හෙළි කිරීම ගැන ඔවුනට අනතුරු ඇඟවීම.
  • අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමටත් ඔහු කෝපයට පත්වන දැයින් දුරස් වීමටත් මුස්ලිම් කාන්තාව දිරි ගැන්වීම. මතුලොවෙහි සදා වේදනීය දඬුවමට දේව කෝපය උරුම කර දෙනු ඇත.
  • මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වක්තෘත්වයේ ලක්ෂණ අතරින් එකකි. එය සිදු නොවූ ගුප්ත කරුණු ගැන එතුමාණන් දැන්වු අතර, පසුව එසේ දන්වා සිටි පරිදිම සිදු වීමය.
explain-icon

අමතර