නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අයැද සිටි ප්‍රාර්ථනා අතරින් සියළු කාර්‍යයනි එකතු වූ ප්‍රාර්ථනාවලින් එකකි මෙම ප්‍රකාශය: رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي අහෝ දෙවියනි! මාගේ වරදට, එනම් පාපයට සමාව දෙනු මැනව وَجَهْلِي මාගේ අනුවනකමට, එනම් කිසිම දැනුමකින් තොරව මගෙන් සිදුවන දෑට සමාව දෙනු මැනව! وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියට එනම් මා විසින් සිදුවන අඩුපාඩුවට හා සීමාව ඉක්මවා යෑම්වලට මට සමාව දෙනු මැනව! وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑට එනම්, අහෝ දෙවිඳුනි! මට අමතක වී ඇති ඔබ දැන සිටින දෑට සමාව දෙනු මැනව! اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي මාගේ පාපයන්ට මා උවමනාවෙන් කළ දෑට, එනම් මා විසින් උවමනාවෙන්ම සිදු කළ, මා දැන දැනම කළ පාපයන්ට සමාව දෙනු මැනව! وَجَهْلِي وَهَزْلِي මාගේ අනුවනකමට හා මාගේ උපහාසයට එනම්, මෙම තත්ත්වයන් දෙකෙහි මා විසින් සිදුවුණු දෑට මට සමාව දෙනු මැනව! وَكُلُّ ذَلِكَ عِنْدِي ඒ සියල්ල මා වෙතින් වූවකි. එනම්, මෙනෙහි කරන ලද පාපයන් හා අඩුපාඩු මා රැස්කළ දෑය. اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ අහෝ දෙවියනි! මා පෙර කළ දෑට එනම්, මා සිදු කළ දෑට හා وَمَا أَخَّرْتُ මා පසු කළ දෑට, එනම් සිදුවන්නට යන දෑට සමාව දෙනු මැනව. وَمَا أَسْرَرْتُ මා රහසිගතව රහසේ කළ දෑට وَمَا أَعْلَنْتُ මා ප්‍රසිද්ධියේ හෙළිපිට කළ දෑට මට සමාව දෙනු මැනව. أَنْتَ المُقَدِّمُ ඔබයි ප්‍රාරම්භක, එනම් ඔබේ මැවීම් අතරින් ඔබ කැමති අය ඔබ පිළිගත් බැවින් ඔබේ ආශිර්වාදය තුළින් ඔබේ කරුණාව වෙත කල් ඇතිව ඇතුළත් කරන්නෙහිය. وَأَنْتَ المُؤَخِّرُ ඔබ කැමති අය ඔබ අවමානයට පත් කරමින් ඔබ ප්‍රමාද කරන්නෙහිය. ඔබ ප්‍රමාද කළ දෑ ඉක්මන් කරන්නෙකු නැත. ඔබ ඉක්මන් කළ දෑ ප්‍රමාද කරන්නෙකු නැත. وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. එනම්, සම්පූර්ණ බලය ඇති, සම්පූර්ණ අභිමතය ඇති, ඔබ අභිමත කරන සියලු දෑ මැනවින් සිදු කරන්නාය.