අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණෙනි! සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය හැකි යමක් මට උගන්වන්න." යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ: "සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ. දින කිහිපයකට පසු, මම එතුමාණන් වෙත ගොස්: "අල්ලාහ්ගේ දූතයාණනි, සර්ව බලධාරී අල්ලාහ්ගෙන් මා ඉල්ලා සිටිය හැකි යමක් මට උගන්වන්න" යැයි පවසා සිටියෙමි. එවිට එතුමාණෝ මට: "අහෝ අබ්බාස්! අල්ලාහ්ගේ දූතයාගේ මහප්පාණනි! මෙලොව සහ පරලොව සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ." صحيح لغيره - رواه الترمذي وأحمد
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මහප්පකු වන අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා එතුමාණන්ගෙන් තමන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය හැකි ප්‍රාර්ථනාවක් තමන්ට උගන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට ආගමික කටයුතුවල මෙන්ම මෙලොවෙහි හා මතුලොවෙහි ඇතිවන අඩුපාඩුවලින් හා උවදුරුවලින් ආරක්ෂාව හා සුවය අල්ලාහ්ගෙන් පතන මෙන් ඉගැන්වූහ. පසුව අබ්බාස් තුමා මෙසේ පැවසීය: දින කිහිපයකට පසුව මම නැවත වතාවක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත ගොස් අල්ලාහ්ගෙන් මා ඉල්ලිය හැකි ප්‍රාර්ථනාවක් මට උගන්වන්නැයි විමසා සිටියෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මට ආචාර කරමින්, අහෝ අබ්බාස්! අල්ලාහ්ගේ දූතයාගේ මහප්පාණනි! මෙලොව හා මතුලොව සිදුවන සියලුම හානියන්ගෙන් තමන්ව ආරක්ෂා කරන මෙන් ද සෑම යහපතක්ම හා සෙතක්ම තමන්ට සලසා දෙන මෙන් ද සුවදායී තත්ත්වයක් අල්ලාහ්ගෙන් පතන්න යැයි පැවසූහ.

explain-icon

හදීසයේ හරය

  • අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විමසා සිටින විට, පිළිතුරු වශයෙන් එකම පිළිතුර නැවත නැවතත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කර තිබීමෙන් පෙන්වා දෙනුයේ, තම පරමාධිපතිගෙන් ගැත්තා ඉල්ලා සිටිය යුතු ශ්‍රේෂ්ටතම කරුණ සුවය (ආරක්ෂාව) වන බවයි.
  • සුවය (ආරක්ෂාව) පැතීමේ මහිමය. සැබැවින්ම මෙලොව හා මතුලොව සමස්ත යහපත එහි ඇතුළත් ව ඇත.
  • දැනුම හා යහපත අධික ලෙස සෙවීමේ දී සහගාමීන් (සහාබාවරුන්) අතර තිබූ උනන්දුව.
explain-icon

අමතර