අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.” صحيح - رواه أبو داود والترمذي وأحمد
explain-icon

විවරණය

සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිඹුහුම් හැරිය විට: පළමුව: තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා ගත්හ. එය තම මුඛයෙන් හෝ නාසයෙන් හෝ බැහැරවන දැයින් ළඟ සිටින පුද්ගලයා පීඩාවට පත් නොවනු පිණිසය. දෙවැන්න: එහි දී තම හඬ ඳ උස් නො කර පහත් කර ගත්හ.

explain-icon

හදීසයේ හරය

  • කිවිසුම් හැරීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීම පැහැදිලි කිරීම හා එහි දී එතුමාණන්ව පිළිපැදීම.
  • තමන්ට සමීපව සිටින පුද්ගලයා පීඩාවට ලක් නොවන පරිදි තම නාසයෙන් හා මුඛයෙන් යමක් බැහැර නොවන සේ ඒ දෙක මත රෙදිකඩක් හෝ ලේන්සුවක් හෝ එවැනි යම් දෙයක් තැබීම සතුටුදායක ය.
  • කිවිසුම් හැරීමේ දී හඬ පාලනය කළ යුතුය. එය පූර්ණ විනයගරුක කටයුතු අතරිනි.
explain-icon

අමතර