කවරෙකු "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්' යනුවෙන් දස වාරයක් පවසා සිටියේ ද"... යනුවෙන් නබි (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. එහි තේරුම: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සැබැවින් පූර්ණ ආධිපත්‍යය සුවිශුද්ධ ඔහු සතුය. ප්‍රශංසාවටත් ආදරය සමග වූ පැසසුමටත් ගරුබුහුමන් කිරීමටත් සුදුස්සා ඔහුය. ඒ සඳහා ඔහු හැර වෙනත් කිසිවකු නැත. සැබැවින්ම ඔහුට කිසිවක් අපොහොසත් වන්නේ නැත. කවරෙකු මෙම මහඟු දික්ර් පාඨය දිනකට දස වාරයක් නැවත නැවතත් කියවන්නේ ද ඔහු ඉබ්‍රාහීම්ගේ පුත් ඉස්මාඊල් (අලයිහිමස් සලාම්) තුමාගේ දරු පරපුරින් වහලුන් සිව් දෙනෙකු නිදහස් කළ අයකුට හිමි කුසල් හා සමාන කුසල් ඔහුට හිමි වන්නේය. මෙහි දී ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාගේ පරපුර විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඔවුන් සෙසු අයට වඩා ප්‍රසිද්ධ වන බැවිනි.