"කවරෙකු මෙලොවෙහි උවමනාවෙන්ම සිය දිවි නසා ගත්තේ ද එයට සරිලන පරිදි ප්‍රතිඵල වශයෙන් මෙලොවෙහි ඔහු සිය දිවි හානිකර ගැනීමට යොදාගත් ක්‍රමයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නෙහි දඬුවම් කරනු ලැබේ." යයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අවවාද කළහ. කවරෙකු කන්දෙන් පහළට පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු නිරයේ සිටින අතර, අපා ගින්නේ සදාකාලික ලෙස කඳුවලින් එහි නිම්නවලට පනින්නට සළස්වා සදාතනික දඬුවම බවට එය පත් කරනු ඇත. කවරෙකු වස බී සිය දිව හානි කරගත්තේ ද අපා ගින්නේ සදාතනිකයකු වී ඔහුගේ අතට වස දෙනු ලැබ සදාකාලික ලෙස වස බොමින් සිටින්නට සළස්වනු ඇත. කවරෙකු තියුණු ආයුධයකින් තම උදරයට ඇණ සියදිවි හානිකර ගත්තේ ද ඔහු අපා ගින්නේ සදාතනිකයකු වී එම යකඩය ඔහුගේ අතට දෙනු ලැබ ඔහු එමගින් ඔහුගේ උදරයට නිරතුරුව අණින්නට සළස්වනු ඇත.