අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු උපවාසයේ නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු ඔහුගේ උපවාසය පූර්ණ කළ යුතුය. සැබැවින්ම එසේ ඔහුට ආහාර හා ජලය සපයනුයේ අල්ලාහ් ය.” صحيح - متفق عليه
explain-icon

විවරණය

කවරෙකු අනිවාර්යය හෝ අතිරේක උපවාසයක නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු එම උපවාසය අත් නොහැර එය පූර්ණ කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. හේතුව ඔහු එමගින් උපවාසය අත්හරින්නට චේතනා නොකළ බැවිනි. සැබැවින්ම එය අල්ලාහ් ඔහුට ආහාර වශයෙන් හා පානය වශයෙන් පිරිනැමූ පෝෂණයයි.

explain-icon

හදීසයේ හරය

  • අමතක වීමෙන් අනුභව කළ හා පානය කළ අයකුගේ උපවාසයේ වලංගුභාවය.
  • අමතක වීමෙන් අනුභව කළ හා පානය කළ අයකු කෙරෙහි පාපයක් නැත. ඊට හේතුව ඔහු එය තෝරා නොගත් බැවිනි.
  • අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන මෛත්‍රිය, ඔවුන් වෙත පිරිනමා ඇති සහනය හා ඔවුන්ගෙන් දුෂ්කරතා හා අපහසුතා ඉවත් කිරීම.
  • කොන්දේසි තුනක් සම්පූර්ණ වූ විටෙක හැර උපවාසය කඩ කෙරෙන කිසිවක් තුළින් උපවාසකරුගේ උපවාසය අවලංගු වන්නේ නැත. පළමුවැන්න: ඔහු ඒ ගැන දැනුවත් අයකු වීම. ඔහු ඒ ගැන නොදන්නේ නම් උපවාසය අවලංගු වන්නේ නැත. දෙවැන්න: ඒ ගැන මතකයෙන් පසුවීම. ඔහුට අමතක වූයේ නම්, ඔහුගේ උපවාසය වලංගු වන අතර නැවත ඉටු කිරීමේ අවශ්‍යතාවක් ඔහුට නැත. තුන්වැන්න: එය බල කිරීමකින් තොරව තෝරා ගනු ලබන්නක් වීම. ඊට හේතුව උපවාසයෙන් මිදෙන තැනැත්තා උපවාසයෙන් මිදෙනුයේ ඔහුගේ තෝරා ගැනීම මතය.
explain-icon

අමතර