අවසන් හජ් වන්දනා අවස්ථාවේ දී මිනිසුන් දෙදෙනෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියහ. එම අවස්ථාවේ එතුමාණෝ සදකා වස්තුව බෙදමින් සිටියහ. ඉන් යමක් ඔවුන් දෙදෙනාට දෙන මෙන් ඔවුන් දෙදෙනා ඉල්ලා සිටි විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් දෙදෙනා වෙත නැවත නැවතත් බලන්නට විය. එය ඔවුන් දෙදෙනාට සදකා වස්තුව අනුමත ද නැත් ද යන වගත් ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ගැනත් ඔවුන් දෙදෙනාට වටහා දෙනු පිණිසය. ඔවුන් දෙදෙනා හැකියාවන්ත අය සේ එතුමාණන් දුටුහ. පසුව එතුමාණෝ: "සදකා වස්තුවෙන් ඔබ දෙදෙනාට පිරිනමන මෙන් ඔබ දෙදෙනා මගෙන් ඉල්ලා සිටින්නෙහුය. ප්‍රමාණවත් මුදල් ඇති අයට හා ඉපැයීමට හා වෙහෙසීමට ශක්තිය හා හැකියාව ඇති අයට ඉන් කොටසක් හිමි වන්නේ නැත. ඔහුට වස්තුව නොතිබුණ ද ඔහු පොහෙසතෙකු ලෙස සළකනු ලැබේ." යැයි පැවසුහ.