අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව මුආවියා ඉබ්නු අබී සුෆ්යාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. (ඉල්ලා සිටීමෙහි බලපෑම් නොකරන්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතුරින් කිසිවකු මගෙන් කිසිවක් (බලෙන්) නොඉල්ලන්න.එවිට මගෙන් ඉල්ලා සිටි යමක් ඔහුට නිකුත් කරනු ලැබෙයි. නමුත් එය මම පිළිකුල් කරමි. එහෙයින් මා පිරිනැමූ දෑහි (පමණක්) අභිවෘද්ධිය ඇත.) පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ඉල්ලීමෙහි බලකරමින් බැගෑපත්ව ඉල්ලා සිටීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වැළැක්වූ බව මුආවියා -රළියල්ලාහු අන්හු- තුමා දන්වා සිටියි. එනම් එහි නිරතව සීමාව ඉක්මවා නොයාමය. ඉල්ලීමෙහි කවරෙකු ඉක්මවා යන්නේ ද එවිට ඔහු එහිම වෙළී යයි. මෙසේ බැගෑපත්ව බලෙන් ඉල්ලා සිටීම, දෙනු ලබන දෑහි අභිවෘද්ධිය පහකරයි. පසුව එතුමා තමන්ගෙන් යමක් නොඉල්ලන මෙන් අල්ලාහ් මත දිවුරා පැවසූහ. එනම් ඔවුන් අතුරින් වූ කිසිවකු යමක් බැගෑපත්ව බලෙන් ඉල්ලා, තමන් පිළිකුල් කරන තත්ත්වයේ එය නිකුත් වූයේ නම්, එහි අභිවෘද්ධියක් නොවනු ඇත. එනම් තමන් විසින් යමක් (කැමැත්තෙන්) පිරිනැමූ දෑහි අභිවෘද්ධිය ඇති නමුත් කිසියම් හෝ දෙයක් බැගෑපත්වීමකින් පතා පිරිනමනු ලැබුවේ නම් එහි අභිවෘද්ධිය නොලබන්නේමය.

explain-icon

අමතර