නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මස්ජිදයේ තම සහගාමීන් සමග සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ මස්ජිදයේ කොණක මූත්‍රා කරන්නට විය. එවිට සහගාමීහු: "හෝ නතර කරනු! ඉන් වැළකෙනු!" යැයි කෑ ගසා පලවා හරින්නට වූහ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔහු මූත්‍රා කිරීම නොවළක්වන්න. ඔහු එය අවසන් කරන තුරු අත්හැර දමන්න" යැයි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම දේවස්ථාන වනාහි, ඒවායෙහි මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම ඒවා සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම, සලාත් ඉටු කිරීම හා අල්-කුර්ආනය පාරායනය කිරීම වැනි කටයුතු සඳහා වන ස්ථාන වේ." පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සහාබාවරුන් අතරින් කෙනෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.