අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුමෙයිද් හෝ අබූ උසෙයිද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය." صحيح - رواه مسلم
explain-icon

විවරණය

මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ "අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික" යනු‍වෙන් ප්‍රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට පෙන්වා දුන්හ. එහි දී අදාළ තැනැත්තා අල්ලාහ්ගේ කරුණාවට හේතුවන සාධක සළසා දෙන මෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම බැහැර වන්නට අපේක්ෂා කළ විට ඔහු: "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යනුවෙන් පැවසිය යුතුය. එහි දී අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා හලාල් (අනුමත) පෝෂණයෙන් තමන්ට උපතාර කරන මෙන් ඉල්ලා සිටියි.

explain-icon

හදීසයේ හරය

  • මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ මෙන්ම ඉන් පිටත යන අවස්ථාවේ ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය.
  • පිවිසීමේ දී ආශිර්වාදය හා පිටවීමේ දී භාග්‍යය මෙනෙහි කිරීම මෙහි විශේෂ කරුණකි. සැබැවින්ම පිවිසෙන්නා අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත සමීප කරවන කරුණුවල කාර්යබහුල වේ. ඒ අනුව එහි රහ්මත් හෙවත් කරුණාව මෙනෙහි කිරීම ඇත. ඔහු පිටව යන විට අල්ලාහ්ගේ භාග්‍යය තුළින් පෝෂණය සොයා මහපොළොවේ සැරිසරයි. එබැවින් භාග්‍යය එහි මෙනෙහි කර ඇත.
  • මෙම ප්‍රාර්ථනා මස්ජිදයට පිවිසීමට අපේක්ෂා කරන අවස්ථාවෙහි හා ඉන් බැහැරව යන්නට අපේක්ෂා කරන අවස්ථාවෙහි පවසනු ලබන ප්‍රාර්ථනා වේ.