සැබැවින්ම ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ් තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විමසා සිටි බව මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මම ඔසප් තත්ත්වයට පත් වී, පිරිසිදු තත්ත්වය නොලබමි. එබැවින්ම මම සලාතය අතහරින්නද? යැයි විමසුවාය. එතුමා: ‘නැත, සැබැවින්ම එය අසහනයකි. නමුත් ඔබ ඔසප් තත්ත්වයට පත්වන දින ගණනය කර, සලාතය අතහරින්න. පසුව ස්නානය කොට සලාතය ඉටු කරන්න.” යැයි පැවසූහ. صحيح - متفق عليه
explain-icon

විවරණය

ෆාතිමා බින්ත් හුබෙයිෂ් තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන්, 'සැබැවින්ම මම ඔසප් තත්ත්වය නතර නොවන කතකි. ඔසප් නොවන කාලවල පවා අඛණ්ඩව එම තත්ත්වය පවතී. එහෙයින් එහි නීතියත් ඔසප් තත්ත්වයේ නීතියට සමාන ද? මම සලාතය අත්හරින්න ද?' යැයි විමසුවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇයට එය ඉස්තිහාළා හෙවත් ව්‍යාධිජනක රුධිරයයි. එය ගර්භාෂයෙන් හට ගන්නා ව්‍යාධිජනක රුධිරය මිස ඔසප් රුධිරය නොවේ. ව්‍යාධිජනක රුධිර වහනයට පෙර සුපරුදු පරිදි මාසික ඔසප් කාලය පැමිණි විටෙක, සලාතය උපවාසය හා ඔසප් කාලය තුළ ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන්ට තහනම් කරන ලද අනෙකුත් දෑ ද ඔබ අත්හැර දැමිය යුතුය. මෙම කාල පරිච්ඡේදය අවසන් වූ විටෙක, ඔබ ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වන්නෙහිය. එවිට ඔබ රුධිර වහනය වන ස්ථානය සෝදා, කිලිට්ටෙන් ඉවත් වීම සඳහා ඔබේ ශරීරය ද සම්පූර්ණයෙන් සෝදා පසුව සලාතය ඉටු කළ යුතුය.

explain-icon

හදීසයේ හරය

  • කාන්තාවකගේ ඔසප් කාලය අවසන් වූ විට ඇය ස්නානය කළ යුතුය.
  • ව්‍යාධිජනක රුධිර වහනය වන කාන්තාව සලාතය ඉටු කළ යුතුය.
  • අල්-හයිල් (ඔසප් වීම) යනු නිශ්චිත දිනවලදී වැඩිහිටි කාන්තාවකගේ යෝනි මාර්ගය හරහා ගර්භාෂය මගින් මුදා හරින ස්වාභාවික රුධිරයයි.
  • අල්-ඉස්තිහාලා යනු: ගර්භ‍ෙෂයේ පතුලෙන් අකාලයේ ගලන ව්‍යාධිජනක රුධිරයයි.
  • හයිල් (ඔසප්) රුධිරය සහ ඉස්තිහාළා රුධිරය අතර වෙනස: ඔසප් රුධිරය යනු කළු, ඝන සහ දුර් ගන්ධයක් ඇති රුධිරය වන අතර ඉස්තිහාළා රුධිරය යනු දුර්ගන්ධයක් නොමැති රතු සිහින් රුධිරයයි.