උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) සහාබිවරිය මෙසේ දන්වා සිටියාය: "ඇත්තෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ කාන්තාවන් ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වූ පසු වහනය වන දියර -එය කළු වර්ණයට නැඹුරු වීම හෝ කහ වර්ණයට නැඹුරු වීම - හයිල් තත්ත්වයක් බව සැළකුවේ නැත. එහෙයින් ඔවුන් සලාතය හෝ උපවාසය අත් හැරියේ නැත."