අබූ බුර්දා ඉබ්නු අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අබූ මූසා තුමා දැඩි වේදනාවකින් පෙළුණහ. එහෙයින් ඔහුගේ පවුලේ එක් කාන්තාවකගේ ඔඩොක්කුව මත ඔහුගේ හිස තිබිය දී ඔහු ක්ලාන්ත විය. ඇයට කිසිවකින් පිළිතුරු දීමට ඔහුට නොහැකි විය. ඔහු අවදි වූ කල්හි මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර කෙනකුගෙන් ඉවත් වූයේ ද මම ද ඔහුගෙන් ඉවත් වන්නෙක්මි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද ඉවත් වූහ.” صحيح - متفق عليه
explain-icon

විවරණය

අබූ බුර්දා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: "අබූ මූසා අල් අශ්අරී (රළියල්ලාහු අන්හු) තුමා දැඩි රෝගයකින් පෙළුණි. ඒ හේතුවෙන් එතුමා ක්ලාන්ත දමා වැටුණි. එතුමාගේ හිස එතුමාගේ පවුලේ එක් කාන්තාව කගේ ඔඩොක්කුව මත විය. ඇය මොර දී වැළපෙන්නට වූවාය. නමුත් එතුමා ක්ලාන්තව සිටි බැවින් ඇයට කිසිදු පිළිතුරක් දීමට එතුමාට නොහැකි විය. එතුමා අවදි වූ කල්හි මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර කෙනකුගෙන් ඉවත් වූයේ ද මම ද ඔහුගෙන් ඉවත් වන්නෙක්මි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉවත් වූයේ: අස්-සාලිකා හෙවත් අභාග්‍යයක් අත් වූ අවස්ථාවක උස් හඬින් මොර දී වැළපෙන්නිය. හාලිකා හෙවත් අභාග්‍යයක් අත් වූ අවස්ථාවක හිස මුඩුගා වැළපෙන්නිය. සහ අෂ්-ෂාක්කා හෙවත් අභාග්‍යයක් අත් වූ අවස්ථාවක ඇඳුම් ඉරාගෙන වැළපෙන්නිය. සැබැවින්ම ඒවා අඥාන යුගයේ පැවති කරුණු වේ. නමුත් කරදරයක් අත් වූ අවස්ථාවක ඉවසීමෙන් කටයුතු කරන මෙන් ද එහි ප්‍රතිඵල අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන මෙන් ද නියෝග කරන ලදී.

explain-icon

හදීසයේ හරය

  • කරදර, ව්‍යසන ඇති වූ අවස්ථාවල ඇඳුම් ඉරා ගැනීම, හිස මුඩු කිරීම, මොර දීම යනාදිය තහනම් කරන ලදී. සැබැවින්ම ඒවා මහා පාපයන් අතරින් වේ.
  • මොර දී කෑ ගැසීමෙන් තොරව හඬා වැළපීම තහනම් නොවේ. එය අල්ලාහ්ගේ නියමය මත ඉවසීම නැති කරන්නේ නැත. සැබැවින්ම එය කරුණාවය.
  • අල්ලාහ්ගේ වේදනා සහගත නියමයන්ට වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කෝප වීම තහනම්ය.
  • කරදර ඇති වූ විටෙක ඉවසීමෙන් කටයුතු කිරීම අනිවාර්යය වේ.