උසුමා ඉබ්නු සෙයිද් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “යම් ප්රදේශයක කොළරා රෝගීන් පිළිබඳ ඔබ සවන් දුන් විට ඔබ එහි නොපිවිසෙනු. එය යම් ප්රදේශයක තිබී, ඔබද එහි සිටින්නෙහු නම් ඔබ එයින් බැහර නොවනු.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

යම් කිසි ප්රදේශයක වසංගතයක් පැතිර ඇත්නම් මිනිසා එහි පිවිසීමෙන් වැළකී සිටිය යුතුයි. තමන්ගේ සෞඛ්යත්වය හා සෙස්සන්ගේ සෞඛයත්වය ආරක්ෂා කර ගනු වස් එහි පිවිසීම ඔහුට සුදුසු නොවෙයි. තමන් ජීවත්ව සිටින භූමියේ එම රෝගය පැතිර ඇත්නම් ඉන් පිට වීම ඔහුට සුදුසු නොවෙයි. අල්ලාහ්ගේ නියමය අනුව තමන්ට කුසල් ලියනු ලබනු පිණිස ඒ මත ඉවසීමෙන් සිටිය යුතු වේ.

explain-icon

අමතර