දේව විශ්වාසයට, ක්‍රියා, ප්‍රතිපත්ති හා ප්‍රකාශ මත ආවරණය වූ බොහෝ අනු කරුණු හා විෂයයන් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. විශ්වාසයේ කරුණු අතරින් වඩාත් උසස් හා උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයේ තේරුම වටහා ගනිමින් එය අපේක්ෂා කරන අදහස අනුව කටයුතු කිරීමය. එනම් සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාය. නැමදුමට සුදුසු වනුයේ ඔහු පමණක් මිස ඔහු හැර වෙනත් දෑට නොවේ යන්නයි. දේව විශ්වාසය පදනම්ව පවතින අවම ක්‍රියාව වනුයේ මිනිසුන් යන එන මාර්ගවල ඇති හානිදායක සෑම දෙයක්ම ඉවත් කිරීමය. පසුව, සැබැවින්ම ලැජ්ජාව ඊමානයේ කරුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවධාරණය කළහ. සැබැවින්ම එය අලංකාර ක්‍රියාවන්හි නිරත වීමටත් අශීලාචාර දැයින් ඉවත් වීමටත් පොළඹවන ගුණාංගයකි.