අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලාගේ නිවෙස් මිනීවළවල් බවට පත් කර නොගනු. සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යනු ඇත.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

සලාත් ඉටු නොකරන මිනිවලවල් මෙන් තම නිවෙස් ද සලාත් ඉටු නොකර ඒවා පාළුවට අත්හැර දැමීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව, සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ.

explain-icon

හදීසයේ හරය

  • නිවෙස්වල අධික ලෙස නැමදුම්වල නිරත වීම හා අමතර සලාත් ඉටු කිරීම සතුටු දායකය.
  • ජනාසා සලාතය හැර සොහොන්වල අනෙකුත් සලාත් ඉටු කිරීමට අවසරය නැත. හේතුව සැබැවින්ම එය බහුදේව වාදයේ හා එහි ඇති වාසීන් අතිශයෝක්තියට පත් කිරීමේ මාධ්‍යයක් වන බැවිනි.
  • මිනීවලවල් අසල සලාත් ඉටු කිරීමේ තහනම සහාබාවරුන් අතර පිළිගත් කරුණක් විය. එබැවින් තම නිවෙස්, සලාත් ඉටු කරනු නොලබන සොහොන් මෙන් පත් කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇත.