සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දන්වන ලදී: "මා වෙත දිව්‍ය වැකි කිහිපයක් මේ රාත්‍රියේ අල්ලාහ් පහළ කර ඇත. එවන් හා සමාන දෙයක් කිසිවිටෙකත් දක්නට නොවීය. -එය ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් කෙරේ - එය මුඅව්විදතානි හෙවත් ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක ය. එනම්: 'කුල් අඌදු බිරබ්බිල් ෆලක්' යනුවෙන් කියැවෙන පරිච්ඡේදය හා 'කුල් අඌදු බිරබ්බින් නාස්' යනුවෙන් කියැවෙන පරිච්ඡේදයයි.