යුදෙව්වන් අතරින් වූ මිනිසෙක් මුඃමින්වරුන්ගේ නායකයකු වූ උමර් (රළියල්ලාහු අන්හු) තුමා වෙත පැමිණ මෙසේ පැවසීය: "ඔබ කියවන ඔබේ අල්-කුර්ආන් ග්‍රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය අපගේ තව්රාත් ග්‍රන්ථයේ පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු. මෙවන් වැදගත් පාඨයක් පහළ කිරීමේ ආශිර් වාදය හේතුවෙන් තුති පිදීමක් ලෙස අපි එය සමරමු." اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර් ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර් ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි." යන පාඨය වේ යැයි ඔහු පැවසීය. උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: එදින මෙන්ම එම ගෞරවණීය පාඨය නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වූ ස්ථානය ද හදුනමු. එය උත්සව දින එතුමාණන් අරෆාහි සිටගෙන සිටියදී ජුමුආ දිනයක පහළ විය. ඒ දින දෙකම මුස්ලිම්වරුන් වෙත වූ මහඟු දින දෙකක් වේ.