දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අසළ හව්ලා බින්ත් තුවෙයිත් (රළියල්ලාහු අන්හා) තුමිය සිටියා ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රවේශ වූවාත් සමගම ඇය පිටත්ව ගියා ය. එවිට ආඉෂා තුමිය එතුමාණන්ට මෙසේ පැවසුවාය: "මේ කාන්තාව රාත්‍රියේ නින්දට නොයයි. ඇය එය සලාතයෙන් ජීවමාන කරයි." එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඇය තමා කෙරෙහි ඇති දැඩි බව හෙළා දකිමින් මෙසේ පැවසූූහ. "රාත්‍රියේ ඇය නින්දට නොයන්නේ ද! ඔබ ඔබට හැකි පමණින් දැහැමි ක්‍රියාවන්හි නිරතවන්න. එහි අඛණ්ඩව සිටින්න. අල්ලාහ් ඔහුට අවනත වන ඔහුගේ දැහැමි ගැත්තන් හට ඔවුන්ගේ අවනතභාවය, ඔවුන්ගේ යහපත්කම හා ඔවුන්ගේ දැහැමි ක්‍රියාවන් සඳහා කුසල් මෙන්ම ප්‍රතිඵල පිරිනැමීමෙහි ඔවුන් නිරායාසයට පත්ව ක්‍රියාවන් අත්හැර දමන තෙක් අල්ලාහ් නිරායාසයට පත් වන්නේ නැත."