අබී අලී සුවෙයිද් ඉබ්නු මුකර්රින් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "බනූ මුකර්රින් ගෝත්රයෙන් හත් දෙනා අතුරින් හත්වැන්නා ලෙස මම මාව දුටුමි. එක් කාන්තාවක් හැර වෙනත් කිසිදු සේවකයෙක් අපට නොවීය. අප අතර සිටි වයසින් බාලයා ඇයගේ කම්මුලට ගැසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය නිදහස් කරන මෙන් අපට නියෝග කළහ. තවත් වාර්තාවක මාගේ සහෝදරයින් අතුරින් හත්වැන්නා යැයි වාර්තා වී ඇත. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සුවෙයිද් ඉබ්නු මුකර්රින් තුමා විසින් දන්වා සිටියි: මුකර්රින්ගේ දරුවන් අතුරින් සහෝදර හත් දෙනාගෙන් මමද එක් අයකු වූයෙමි. සියල්ලෝම හිජ්රත් කළ සහාබාවරුන් වූහ. එම කණ්ඩායමේ ඔවුන් සමග කිසිවකු සහභාගී වූයේ නැත. අපගේ වැඩ කරන්නට කිසිවකු අපට නොවීය. අප හත් දෙනාටම සිටියේ එක් වහලියක් පමණි අප අතර සිටි බාලයා ඇයගේ කම්මුලට පහර දුන්හ. එවිට ඇයව වහල් භාවයෙන් ඇයව නිදහස් කරන මෙන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අපෙන් ඉල්ලා සිටියහ. එය ඇයට පහර දීම වෙනුවෙන් ප්රතිකර්මයක් වශයෙන් ඇයගේ නිදහස වනු පිණිසය.