අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බවට අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දැහැමි දෑ කරන වහල් දේව ගැත්තාට කුසල් දෙකකි.“ අබූ හුරෙයිරාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමට, හජ් වන්දනාව ඉටු කිරීමට හා මාගේ මවට උපකාර කිරීමට නොවී නම් මම වහලෙකුව සිට මිය යෑම වඩාත් ප්රිය කරමි. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “තම පරමාධිපතිගේ වගකීම් ඉටු කරමින් තම ස්වාමියාට උපදෙස් දෙන වහල් ගැත්තාට කුසල් දෙකක් හිමිය. එය ඔහු අල්ලාහ්ට නැමදුම් කරමින් ඔහුගේ වගකීම් ඉටු කරන බැවින් හා තම ස්වාමියාට සේවය කරමින් ඔහුගේ වගකීම ද ඉටු කරන බැවිනි. තවදුරටත් අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා: සැබැවින්ම තමන් වෙත පැවරුණු ජිහාදය වහලාට නොමැතිනම් තම මවට සේවය කිරීමෙන් හා වියදම් කිරීමෙන් උපකාර කිරීමේ වගකීම නොමැති නම් වහලෙකු ලෙස සිට මිය යෑම මම ප්රිය කරමි. හේතුව එහි කුසල් ඇති බැවිනි යැයි පැවසූහ.