හදීසයේ තේරුම: සැබැවින්ම උම්මුල් මුඃමිනීන් මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය තමන් සතු වහලියක් නිදහස් කළාය. එය අල්ලාහ්ගේ මාර්ගයේ වහලියක් නිදහස් කිරීමේ මහිමය ඇය මැනවින් දැන සිටි බැවිනි. නමුත් ඇය ඒ ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට නොදන්වා, එසේ නැතිනම් ඇයව නිදහස් කිරීම සම්බන්ධයෙන් එතුමාගෙන් අවසර නොපතා සිදු වූවකි. ඇයගේ වාරය පැමිණි කල්හි තමන් සිදු කළ දෑ පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටියාය. එවිට එතුමා එසේ ඔබ කළෙහිද යැයි පැවසීය. ඇය එසේය යැයි පැවසුවාය. එහිදී එතුමා තමන්ගේ අදහස පවසා සිටියා මිස ඇය සිදු කළ දෑ සම්බන්ධයෙන් පිළිකුල් නොකළහ. එතුමා ඇයට මෙසේ පවසා සිටියහ. සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා තිබුණේ නම් එය ඔබට මහත් කුසලක් වනු ඇත. එහි තේරුම: ඔබ කළ දෑ යහපත්ය. නමුත් සැබැවින්ම ඔබ ඇයව හිලාල් ගෝත්රයේ ඔබේ මාමාවරුන්ට පිරිනමා ඇත්නම් කුසලින් වඩාත් අධික, එමෙන්ම වඩාත් උතුම් වනු ඇත. එය ඔබ ඔබේ සමීප ඥාතීන්ට පිරිනැමීමක් වන බැවිනි යැයි පවසා සිටියහ.