ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ ප්රකාශ කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම මට අසල්වැසියන් දෙදෙනෙකු සිටී. මා පරිත්යාග කළ යුත්තේ ඔවුන් දෙදෙනාගෙන් කා හටද? එතුමා ඔවුන් දෙදෙනාගෙන් ඔබට දොරටුවෙන් වඩාත් සමීප අය වෙත යැයි පැවසූහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසුවාය. සැබැවින්ම මට අසල්වැසියන් දෙදෙනෙකු සිටිති. පොදුවේ අසල්වැසියන්ට උපකාර කරන මෙන් මම නියෝග කරනු ලැබ ඇත්තෙමි. නමුත් ඔවුන් දෙදෙනාට එකම වේලාවේ පරිත්යාග කිරීමට මට නොහැකිය. අසල්වැසියන්ට උපකාර කිරීමේ ලැයිස්තුවට ඇතුළත් වීමේ භාග්යය මා ලබන්නට ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් මා පරිත්යාග කළ යුතු ද? එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් දෙදෙනාගෙන් ඔබට දොරටුවෙන් වඩාත් සමීප අය වෙතය. යැයි පැවසූහ.