නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සේනාවක් යවා අන්සාර් වරුන්ගෙන් කෙනෙකු ඔවුන්ගේ නායකයා ලෙස පත් කර, ඔහුට කීකරු වන මෙන් ඔවුනට නියෝග කළහ. වරක් එම නායකයා ඔවුන් කෙරෙහි කෝපයට පත් වූ අවස්ථාවේ 'නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට කීකරු වන මෙන් ඔබට අණ කළේ නැද්ද?' යැයි ඔහු ඔවුන්ගෙන් විමසා සිටියේය. ඔවුහු 'එසේය' යැයි පැවසූහ. පසුව ඔහු දර එකතු කර ඒවායෙහි ගිනි දල්වා එයට ඇතුළු වන මෙන් නියෝග කර සිටියේය. ඔවුන් එසේ එහි ප්‍රවේශ වීමට සිතුව ද ඔවුන් එකිනෙකා දෙස බලා ගත්හ. ඔවුහු මෙසේ පැවසූහ: "අපි ගින්නෙන් බේරීමට මිස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ට අවනත වීමෙන් දුරස් නොවූයෙමු. අපි එහි පිවිසිය යුතු ද?" ඒ අතර ඇවිළෙන ගින්න නිවී නායකයාගේ කෝපය පහව ගියේය.'ං ඒ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැනුම් දුන් විට, එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඔවුන් ඔහුට අවනත වී, ඇවිළුණු එම ගින්නට ඇතුලු වූයේ නම්, එහි ඔවුන් වේදනාවට ලක්වන අතරම ලොව පවතින තුරා ඔවුන් ඉන් බැහැර වන්නේ ද නැත. මැවුම්කරුට පිටුපෑමෙහි මැවීම්වලට අවනත වීමක් නැත. එසේ අවනත විය යුත්තේ යහපත් කටයුතුවල දී මිස පාපකාරී කටයුතුවල දී නොවේ."