මිනිසුන් අතර සිටින වර්ග තුනක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනුම් දී ඔවුන් කළ පාපකම් සඳහා ඔවුන් පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් හෝ ඔවුනට සමාව දෙනු නොලැබුවේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ දඬුවමට ඔවුන් ලක්වන බව ප්‍රකාශ කළේය. පළමුවන දඬුවම: අල්ලාහ් ඔවුන් කෙරෙහි ඇති දැඩි කෝපය හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සමග කතා නොකරයි. ඒ වෙනුවට ඔවුන්ව හෙළා දකියි. එසේ නොමැති නම් ඔවුන් සතුටු නොවන කතාවෙන් ඔවුන් සමග කතා කරයි. එය ඔවුන් කෙරෙහි වූ ඔහුගේ කෝපය පෙන්වා දෙයි. දෙවැන්න: ඔවුන්ව ඔහු පිවිතුරු නොකරයි; ඔවුන් අගය නොකරයි; ඔවුන්ගේ පාපකම්වලින් ඔවුන්ව පිරිසිදු නොකරයි. තුන්වැන්න: මතුලොවෙහි ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එම කණ්ඩායම් තුන වනාහි: පළමුවැන්නා: වැඩිහිටි මිනිසෙකි. ඔහු කාම අපචාරයේ නිරත වෙයි. දෙවැන්නා: මුදල් නැති දුප්පතෙකි. ඒ සමගම ඔහු මිනිසුනට අහංකාරකම පෙන්වයි. තුන්වැන්නා: ගනුදෙනුවල දී අධික ලෙස අල්ලාහ් මත දිවුරා ව්‍යාපාර කරන්නාය. ඔහු අල්ලාහ්ගේ නාමය දිව්රා, එය මුදල් ඉපැයීමේ මාර්ගයක් බවට පත් කර ගනී.