නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අධික ලෙස ප්‍රාර්ථනා කර සිටියේ ආගම හා අවනතභාවය මත ස්ථාවර ව තබන මෙන් හා අපගමනයෙන් හා නොමඟ යෑමෙන් දුරස් කරන මෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙම ප්‍රාර්ථනාව අධික ලෙස ප්‍රාර්ථනා කිරීම ගැන අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා පුදුමයට පත් විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට දන්වා සිටියේ, සැබැවින්ම හදවත් අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර පිහිටා ඇති බවත් ඔහු අභිමත කරන පරිදි එය වෙනස් කරන බවත් ය. හදවත යනු දේව විශ්වාසය හා දේව ප්‍රතික්ෂේපය තැන්පත්ව ඇති ස්ථානයයි. අධික ලෙස වෙනස්වීමට ලක්වන බැවින් පෙරළීම යන අරුත ඇති ඛල්බ් යන පදය එයට යෙදී ඇත්තේ එබැවිනි. අධික පීඩන එකතු වූ විටෙක අධික ලෙස එය පෙරළෙනු ඇත. එහෙයින් අල්ලාහ් කවරෙකු කෙරෙහි අභිමත කරන්නේ ද ඔහුගේ හදවත යහමග මත පිහිටුවනු ඇත. ආගම මත රැඳෙන්නට ස්ථාවර කරනු ඇත. එමෙන්ම අල්ලාහ් කවරෙකු කෙරෙහි අභිමත කරන්නේ ද ඔහුගේ හදවත යහමගින් හරවා අවමානය හා මුළාව වෙත යොමු කරනු ඇත.