පුරුෂ පාර්ශවයට සේද හෝ සේද වර්ගයෙන් යුත් රෙදි ඇදීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එමෙන්ම රන් හා රිදී භාජන හා භාණ්ඩවල ආහාර පාන ගැනීමෙන් ගැහැණු පිරිමි යන දෙපාර්ශවයම වැළැක්වූහ. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අල්ලාහ්ට අවනත වී මෙලොව ජීවිතයෙහි ඒවායින් වැළකී සිටින බැවින් ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට පමණක් සතු දෑ යන වග ද දන්වා සිටියහ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් වනාහී ඔවුන් දේව නියෝගයට පිටුපෑ බැවින් හා ඔවුන්ගේ මෙලොව ජීවිතය තුළම ඔවුන් ඒවා පරිහරනය කොට ඔවුන්ගේ සුඛස්වාදය කල් ඇතිවම භුක්ති විඳි බැවින් මතුලොවෙහි ඔවුනට ඒවා සතු නොවනු ඇත.