නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකු හෝ එක් පාවහනක් මත ගමන් නොකළ යුතුයි. එමෙන්ම පාද දෙකටම එය පැළඳ ගත යුතුයි. එසේ නැතහොත් පාද දෙකින්ම එය ගැලවිය යුතුයි.” පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

එක් පාවහනක් මත ගමන් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළහ. එසේ පළදින්නේ නම් දෙකම එකට පැළදිය යුතුය. ගලවන්නේ නම් ද දෙකම ගළවා හිස් කකුලෙන් විය යුතුය. මෙම විනයානුකූල චාරිත්රය ඉස්ලාමීය ෂරීආවේ සියුම් බව පෙන්වා දෙන අතරම ජීවිතයේ සියලු පැතිකඩවල් ආවරණය වන සේ පිහිටා ඇත්තක් බව පෙන්වා දෙයි.

explain-icon

අමතර