explain-icon

විවරණය

කිසිදු අවශ්‍යතාවකින් තොරව දුෂ්කරතා ඇති කරන දෑ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ භාවිතා කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ඔවුන්ට තහනම් කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.

explain-icon

හදීසයේ හරය

  • එසේ තහනම් කරන ලද දුෂ්කරතා අතරින්, අධික ලෙස ඉල්ලීම් කිරීම හෝ කිසිදු දැනුමක් නැති දෑ දන්නා බව ‌කියා පැම, හෝ අල්ලාහ් පහසු කර ඇති කරුණක දැඩි ලෙස ක්‍රියා කිරීම ඇතුළත් වේ.
  • තම ආහාර පාන වලදී, ප්‍රකාශ වලදී හා අනිකුත් තත්ත්වයන් වලදී ප්‍රකාශයේ හා ක්‍රියාවේ දුෂ්කරතා ඇති නොකිරීමටත්, සමාව දීමටත් මුස්ලිම්වරයා තමන් පුරුදු පුහුණු කර ගැනීම අවශ්‍යය වේ.
  • ඉස්ලාමය පහසු ආගමකි.