නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "පිරිමින්ට මහත් හානිදායක අර්බුදයක් ලෙස කාන්තාවන්ට වඩා වෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළෙමි." صحيح - متفق عليه
explain-icon

විවරණය

තමන්ගෙන් පසුව පිරිමින් වෙත වඩාත් හානිදායක පරීක්ෂණයක් හා පිරික්සුමක් කාන්තාවන් හැර වෙනත් කිසිවක් ඉතිරි නොකළ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනුම් දෙයි. ඇය තම පවුලෙන් වූ කෙනෙකු වී නම්, ෂරීආ පිළිවෙතට පටහැනිව කටයුතු කරන්නියක් ලෙස ඔහු දැකිය හැක. ඇය පිටස්තර කාන්තාවක් වී නම් ඔහු ඇය සමග ඇසුරු කිරීමෙන් හා හුදෙකලා වීමෙන් අර්බුදය මිස වෙනත් කිසිවක් ඇති වන්නේ නැත.

explain-icon

හදීසයේ හරය

  • කාන්තාවන්ගෙන් ඇතිවන අර්බුදවලින් මුස්ලිම්වරයා ප්‍රවේසම් විය යුතුය. අර්බුදයට තුඩු දෙන සෑම මාර්ගයක්ම අවහිර කළ යුතු වේ.
  • දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අල්ලාහ්ව තදින් ග්‍රහණය කළ යුතු අතර පෙළඹීම්ලින් ආරක්ෂාව පැතීමේ දී ඔහු වෙත කැමැත්තෙන් නැඹුරු විය යුතුය.