නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජුබෙයිර් ඉබ්නු මුත්ඉම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.” صحيح - متفق عليه
explain-icon

විවරණය

කවරෙකු තම ඥාතීන් සතු අයිතිවාසිකම් ඔවුන්ගෙන් උල්ලංඝණය කරන්නේද, හෝ ඔවුනට දුෂ්ඨකම් කර හිංසා ඇති කරන්නේ ද ස්වර්ගයට පිවිසීමට ඔවුන් සුදුසුකම් නොලබනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • ඥාතී සම්බන්ධකම් බිඳ දැමීම මහත් පාපයකි.
  • ඥාතී සම්බන්ධතාවය සම්ප්‍රදායට අනුව වන අතර එය ස්ථාන, වේලාවන් සහ පුද්ගලයින් අනුව වෙනස් වේ.
  • ඥාතී සම්බන්ධකම් පැවැත්වීම, නිතර හමුවීම්, දන් දීම, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීම, රෝගීන් බැහැදැකීම, යහපත අණ කිරීම, අයහපතින් ඔවුන් වැළැක්වීම හා එවන් වෙනත් කරුණුවලින් සිදු වනු ඇත.
  • වඩාත් සමීපතයින් අතර ඥාතී සම්බන්ධකම් බිඳ වැටෙන සෑම විටෙකම, එය පාපයෙන් වඩාත් දරුණු තත්ත්වයට පත් වනු ඇත.
explain-icon

අමතර