ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන හෝ අල්ලාහ්ට වඩාත් ප්‍රියමනාප ක්‍රියාව කුමක්දැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එසේ ප්‍රශ්න කළ තැනැත්තාට මෙසේ පිළිතුරු දුන්හ: 'සලාතයේ දී වැඩිපුර සුජූදය ගැන සැළකිලිමත් වන්න. අල්ලාහ් වෙනුවෙන් කරන සුජූදයක් වී නම් එමගින් ඔබට තරාතිරමක් උසස් කරන අතර පාපයක් ඔබෙන් ඉවත් කර සමාව දෙනු ඇත.'